Friday, May 19, 2017



ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමින් හදුන්වන, ඉතා දර්ශනීය වූ දූපතක් වූත්, එතෙර මෙතෙර සෑම රටකම ඉතා ප්‍රසිද්ධ වූත් රටක් වන ශ්‍රී ලංකාව තුල ජීවත් වූ එදා සමජයේ වෙසූ අපගේ ආදි මුතුන්මිත්තන් අප වෙත බාර දී ගිය අසිරිමත් වූ සෞභාගය සම්පන්න රටක් වූ ශ්‍රීලංකාව අද සමාජය වන විට සියලුම අතින් ඉහල තත්වයකට පැමිණ ඇති බව වර්තමානයේ ජීවත් වන අප සැමට නොරහසකි. අතීත උරුමයන් විදහා පාන සීගිරිය වැනි නිර්මාණ වලින් ශ්‍රිලංකාවේ එකල ශ්‍රිලංකාවේ තිබූ විශිෂ්ට තාක්ෂනය විදහාපායි . සීගිරි බිතුසිතුවම් වලින් ශ්‍රිලංකාවේ තිබූ කලාව විදහාපායි . එදා ශ්‍රි ලංකාවේ තාක්ෂනය කොතරම් දියුණුද කිව හොත් අද සමාජයේ ජීවත් වන පුද්ගලයන්ටත් අදහා ගත නොහැකි පරිද්දෙන් එම ප්‍රදේශ වල ඇති සෑම වැව් තැනිය හැකි බොහෝ තැන් වල වැව් තනා හමාරය. එමඟින් ශ්‍රි ලංකාවේ පැරණි තාක්ෂනය තව දුරටත් විදහා පායි .

     ඉතා කුඩා දූපතක් වූ අති රමණීය වූ ශ්‍රීලංකාව දරා ඇති නාමයන් අතරේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය යන්න ප්‍රධාන තැනක් ගනී . අවුරුදු 2500 කටත් වැඩි ඉතිහාසයක් අති ශ්‍රීලංකාව ඉතා සෞභාගයය සම්පන්න මනරම් වූ රටකි . ශ්‍රිලංකාවේ සාගරයෙන් මුතු ද කඳු රටින් මැණික් ද අතිශය වශයෙන් සොයා ගත හැක . වගාවන් සඳහා ද ශ්‍රිලංකාවේ පස ඉතා සුදුසුය. ඒ වාගේම එක එක වගාවන් සඳහා සුදුසු දේශ ගුණ වලින් ද සමන්විත වූ ශ්‍රීලංකාව ඉතාමත් වාසනාවන්ත රටකි. ශ්‍රීලංකාව එහි ඇති සම්පත් නිසාම ලෝක ප්‍රජාව අතරද කීර්තිමත් නාමයක් දරා ඇති බව එහි ජීවත් වන අප හට නොරහසකි . ශ්‍රීලංකාව සමඟ පුරාණයේ වුවද ඉතා හොඳ වෙළඳ සම්බන්දතා තිබූ බවට සාක්ෂි සොයා ගැනීමට අද වනට අපට හැකි වී ඇත. අතීතයේ දී යුරෝපා ජාතීන් ශ්‍රීලංකාවට පැමිණ කුළුබඩු ,ඇත්දල, මුතු මැණික් හා නොයෙකුත් දේ මිලදී ගෙන ගොස් අතී බවට හෙළි වී තිබේ . පෙර අපර දෙදිග නැව් සන්ධිස්ථානයක් ලෙස සුප්‍රසිද්ධ ශ්‍රී ලංකාව එමඟින් විශාල ආර්ථික වශයෙන් වාසි අත්පත් කර ගනී . එයට ප්‍රදාන හේතුව වන්නේ ශ්‍රි ලංකාවේ සුවිශේෂිත භූගෝලීය පිහිටීමයි. ශ්‍රීලංකාව සෑම අතකින් ම වටිනා , ප්‍රයෝජනවත් රටකි. ශ්‍රිලංකාවේ දේෂගුණයට විදේශිකයන් ඉතා ඇලුම් කරයි.

           තේ , පොල් , රබර් , වැනි අපනයන භෝග වලින් ශ්‍රීලංකාවට විශාල ආදායමක් ලැබෙන අතර වී , පලතුරු , එළවලු හා ධාන්‍යය වලින් ශ්‍රී ලංකාව ස්වයංපෝෂිතය. එබැවින් ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාරය යන විරුධාවලිය ලබා ඇත . කඳුරටින් පටන්ගෙන රට පුරා ගලා බසින ගංගා ඇළ දොළ ආදිය නිසා ශ්‍රී ලංකාව තුල සුව දායක දේශගුනයක් පවතී . දියළුම, දුන්හිඳ , බඹරකන්ද ,ඩෙවෝන් වැනි දියඇලි නිසා ශ්‍රි ලංකාවේ ස්වභාව සෞදර්යයේ අසිරිය නැරඹීමට විදේෂිකයින් රැසක් ශ්‍රීලංකාවට පැමිණේ . එසේම ශ්‍රී ලංකාව මනහර උද්‍යාන වලින් ද විවිධ වූ ශාක වලින්ද පිරී පවතින බැවින් ශ්‍රීලංකාව වාසනාවන්ත රටක් ලෙස කව්රුත් පිලිගනී . එම ශාක භාවිතයෙන් රෝග සුව කිරීමට පවා අතීතයේ සිටි අපගේ මුතුන්මිත්තන් සමත්ව තිබේ . එම ආයුර්වේද කලාව අද වන විටත් ශ්‍රීලංකාව තුල පවතී .

       ශ්‍රී ලංකාවේ ආගම් හා ජාතීන් රැසක් ජීවත් වුවද ඔවුන් වර්තමානය වනවිට එක ධජයක් යටතේ සමඟියෙන් හා සාමයෙන් ජීවත් වෙති . අද වන විට ශ්‍රීලංකාව සංවර්ධනයේ ඉහලම තලයකට පැමිණ ඇති අතර තවත් ඉදිරිය කරා ගමන් කරන බව සහතිකය . අද වන විට ශ්‍රීලංකාව තොරතුරු තාක්ෂනය , වාස්තු විද්‍යාව , වෛද්‍යය විද්‍යාව, ඉන්ජිනේරු විද්‍යාව, හා නොයෙකුත් ශිල්ප වලින් දියුණු තත්වයක පවතී . 

ශ්‍රී ලංකාවේ ආරම්භය

ඈත අතීතයේ ජීවත් වූ රාක්‍ෂ, යක්‍ෂ, නාග යන ගෝත්‍රක කණ්ඩායම් වලින්ද, ඉන්දියාවෙන් පිටුවහල් කරන ලද විජය කුමරු ඇතුළු ඉන්දීය සංක්‍රමණිකයීන්ගේ සම්මිෂ්‍රණයෙන් සිංහල ජාතිය බිහිවී අති බවට සාධක ඇත. මහවංශයේ සඳහන් පරිදි ක්‍රි.පූ. 543ත් ක්‍රි.පූ. 500ත් අතර ඉන්දියාවෙහි බෙන්ගාල ප්‍රදේශයෙන් පිටුවහල් කරන ලද විජය සහ ඔහුගේ හත් සිසයයකගෙන් යුත් පරිවාර පිරිවරගෙන් සිංහල ජාතිය ආරම්භ වී ඇත. පසු කලකදී අශෝක අධිරාජයාගේ පුත් මිහිඳු තෙරනුවන් ක්‍රි.පූ. 4වන ශතවර්යේදී අප දිවයිනට වැඩමකොට බුදු දහම මෙන්ම විවිධ කලා ශිල්පද හඳුන්වාදුන්නේය.

වර්තමාන ශ්‍රී ලංකාව

       ශ්‍රී ලංකාවේ අග නගරය වන්නේ ශ්‍රී ජයවර්ධනපුර නගරයයි. එමෙන්ම අප රට තුල සිංහල, දෙමළ, මුස්‌ලිම්, බර්ගර් ආදී ජාතින් ජීවත් වන අතර ප්‍රධාන ආගම වන්නේ බුදු දහමයි. දශක තුනකට ආසන්න කාලයක් තුල ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වූ බෙදුම්වාදී ත්‍රස්තවාදය, ත්‍රිවිධ හමුදාවේ විශිෂ්ට භාවය හමුවේ 2009 වසරේදී පරාජයට පත්වී මුළු මහත් ශ්‍රී ලංකාවම යලිත් ඒකීය රජයක් බවට පත්විය.

ශ්‍රී ලංකාව පළාත් වශයෙන් කොටස් නවයකට බෙදා ඇති අතර ඒවා පහත පරිදි වේ. 

බස්නාහිර පළාත ,මධ්‍යම පළාත ,උතුරු පළාත ,උතුරු මැද පළාත ,ඌව පළාත ,සබරගමු පළාත ,නැගෙනහිර පළාත ,වයඹ පළාත ,දකුණු පළාත

පරිපාලන දිස්ත්‍රික්ක 

අනුරාධපුරය, අම්පාර, ගාල්ල, බදුල්ල, ගම්පහ, කෑගල්ල, පුත්තලම, කළුතර, කිළිනොච්චිය, කොළඹ, ත්‍රිකුණාමලය, කුරුණෑගල, නුවරඑළිය, මහනුවර, පොළොන්නරුව, මාතලේ, රත්නපුරය, මාතර, මඩකලපුව, මන්නාරම, මුලතිවු, වවුනියාව, මොණරාගල, යාපනය, හම්බන්තොට

ශ්‍රී ලංකාවේ පවතින ආගම්

බුද්ධාගම, හින්දු, රෝමානු කතෝලික, ක්‍රිස්තියානි, ඉස්ලාම්


ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන භෝග

    ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන භෝගය වන්නේ තේ ය.කැමෙලියා සිනෙන්සිස් යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනූ ලබන 'තේ' පැළෑටිය ඉන්දියාවට ආවේණික, එමෙන්ම හිමාල කඳු පාමුල ඇසෑම් පලාතේ වනාන්තරවල වැවී ඇති ශාකයකි. තේ බීජ ලංකාවට මුල්ම වරට ගෙන එන ලද්දේ 1824 වසරේදීය. දෙවන වරට ලංකා‍වට තේ බීජ නැවත රැගෙන ආවේ 1839 දීය. එහෙත් එම අවස්ථා දෙකෙහිම පර්යේෂන අරමුනු සදහා මිසක වගා කිරීම අරමුනු නොවින. ලංකාවේ මුලින්ම වානිජ තේ වගාවක් අරඔන ලද්දේ 1860 දී ජේම්ස් ටේලර් මහතා විසිනි. ලංකාවේ වාණිජ තේ වගාවේ පියා ලෙස ඔහු සැලකීම වරදක් නොවේ.ලොව වඩාත් ජනප්‍රියතම පානය බවට පත්ව ඇති 'තේ' ප්‍රථම වතාවට සොයාගෙන ඇත්තේ චීනය විසිනි. 'තේ'යන්න වචනය සෑදී ඇත්තේ ෆියුජියානු වචනයක් වන 'ටේ'(Te)යන්නනෙනි.මහා පරිමාණයෙන් තේ විකිණීම සිදුකරනු ලැබු මුල්ම ජාතිය වන්නේ ලන්දේසින්ය.එයට හේතුව වුවේ තේ වගා කෙරුණු ෆිජි දුපත ලන්දේසින්ගේ යටත් විජිතයක් බවට පත්වීමයි. චීනයේ තේ සඳහා 'චා'යන වචනය යොදා ගැනීම සිදුකරන අතර රුසියාවේදි 'චායි'යන්න යොදා ගැනේ. ශ්‍රී ලංකාවද ලෝක ප්‍රසිද්ධ වීම සදහා තේ අපනයනය විශාල පිටිවහලක් විය . ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වැවිලි භෝග අතුරින් ප්‍රධාන ස්ථානය හිමි කරගන්නේ තේ වගාවයි. තේ වගාව ශ්‍රී ලංකාවේ විදේශ විනිමය උපයන ප්‍රධන මාර්ගයක් වන අතර එම වගාව හා බද්ධ වී පවතින්නා වූ රැකියාවල සේවකයින් දශ ලක්ෂයක් පමණ නිරතව සිටින හෙයින් තේ වගාව රැකි රක්ෂා සපයන ප්‍රධාන මාර්ගයක්ද වේ.

ශ්‍රී ලංකාවේ අනෙක් ලොව ඇති රටවල් හා වෙනස්වන කාරණා . 


ලංකාව ඉතා දීර්ඝ ඉතිහාසයක් හා සංස්කෘතියක් ඇති රටකි


සිංහලයන්ගේ ශිෂ්ටාචාරය පුරා එහි විශිෂ්ටත්වය පෙන්වන වැව්, පොකුණු, දාගැබ්, විවිධ ගොඩනැගිලි ආදී ඉතිහාසමය සාධක බොහෝ ඇත. 


ස්වභාව සෞන්දර්යයෙන් අනූන විවිධ දේශගුණික කලාපවලින් යුක්ත වේ.


ලංකාවේ භූමිය නොයෙක් වර්ගයේ මැණික් හා වෙනත් ඛනිජ සහිත බිමක් වීම.


වගා කිරීම සඳහා සුදුසු සරුසාර භූමියක් මුළු දිවයින පුරාම පැවතීම. 


සංචාරය කර්මාන්තය සඳහා ඉතා අගනා රටක් වීම.


ශාක සංචිතය ඉතා ඉහල විවිධත්වයකින් යුක්ත වීම.


වන සම්පත හා සත්ව ගහණය ඉතා ඉහල වීම.


ලංකාව අවට මුහුදු තීරය මුතු බෙල්ලන් හා අගනා මසුන් බහුල මුහුදු තීරයක් වීම. 


ස්වාභාවිකවම පිහිටා ඇති කඳු හා ගංගා ඇළ දොළ නිසා කෘෂිකර්මය, ජනාවාස ඇතුළු මානව අවශ්‍යතා පහසුවෙන් සපුරාගත හැකි වීම.